පාඨලීට ඇප ලැබෙද්දී රියදුරු රිමාන්ඩ්!

December 24, 2019 at 2:00 pm | by emanisa.lk

රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවකගේ රියදුරා වන තුසිත කුමාර එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට අද (24) ඇප නියම විය.

කෙසේ වුවද සෑම මසකම අවසාන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයට ඇමතිවරයාට නියෝග කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වරද පිළිගෙන මෙයට පෙර අධිකරණයට භාර වූ රියදුරාගේ ජංගම දුරකතනය අදාළ අනතුර සිදුවන අවස්ථාවේ තිබුණේ රාජගිරියේ නොවන බව අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස