පෝර්ට්සිටිය අගමැතිතුමාගේ සංකල්පයක්! මහින්දලා කැසිනෝ ගහන්න හැදූ පෝර්ට්සිටියට නව අරමුණක් දුන්නේ අපේ ආණ්ඩුවයි! – ඇමති පාඨලි

April 11, 2019 at 1:54 pm | by admin

මෙරට හැර යාමට නියමිත වෘත්තීයවේදීන් 80,000 කට වරාය නගරයෙන් රැකියා අවස්ථා ලබාදීමට බලාපොරොත්තු වෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි

පොත්තපිටිය බස්නැවතුම්පල සහ බහුකාර්ය ගොඩනැඟිල්ල ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය

“අපේ අමාත්‍යාංශයට බාර දුන්නා කොළඹ වරාය නගරය. මේ වරාය නගරය මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා එයා කරපු එකක් කියලා. ඒක එහෙම එකක් නෙමෙයි මේක 1998 කලම්බු මෙට්රෝ පොලිටන් ප්ලෑන් එකේ එවකට නාගරික සංවර්ධන ඇමති ඉන්දික ගුණවර්ධන මහතාගේ කාලයේ ඇතිකල සැලසුමෙන් ගලා ආ අදහසක්.

ඒ අනුව තමයි අග‍්‍රාමාත්‍යතුමා 2002 අගමැති වූ වෙලාවේ සුබන යුරෝන් කියන ආයතනයත් සමග එකට එකතු වෙලා ඇතිකළ යළි පුබුදමු ශ‍්‍රී ලංකා කියන වැඩපිළිවෙළ යටතේ තමයි මෙගාපොලිස් නමින්ම තිබූ දකුණු වරාය යටින් නගරයක් ඉදිකිරීම පිළිබඳ අදහස ආවේ.

ඕක තමයි චීන සමාගයක් 2013 දී අරගෙන වරාය අධිකාරියත් සමග ඔය වැඩේ පටන් ගත්තේ. පරිසර අධ්‍යනයක් සිදු කර නොතිබූ නිසා විශාල අනතුරක් වෙයි කියලා බයක් තිබුණා. ඊළඟට මේකේ ෆෝමියුලාවන් රේස් යන එකයි කැසිනෝ හයක් ඇති කරන එකයි තමයි සැලසුම වුණේ.

ඒ අනුව තමයි මේ රජය ඇවිල්ලා මේ ව්‍යාපෘතිය නතර කළේ. නමුත් ඒ අවස්ථාවේදී ඇතිවූ දේශපාලන කලබැගෑනි, කතාබහත් සමග අවසානයේ රජය තීරණය කලා මේක ක්‍රියාත්මක කරන්න. ඒ අනුව වරාය අධිකාරිය සතු තිබූ මෙම ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශයට අපි බාර ගත්තා 2016 ජූනි මායේදී.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස