පාඨලීගේ රියදුරා වෙනුවට බිරිඳ ළදරුවා සහ මාපියන් අත්අඩංගුවට අරන්!

December 16, 2019 at 5:57 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රීි පාඨලී චම්පක රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාරගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් අපරාධ පරීක්ෂණ විසින් රඳවා ගෙන ඇතැයි වාර්තාවේ.

ඔවුන් පදිංචිව සිටින ගාල්ල ඉමදුව නිවසේදී ඊයේ (15) රාත්‍රී 12.45ට පමණ පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද නමැති නිලධාරියෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් එම අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අත්අඩංගුව ගත් පිරිස රියදුරු තුසිත කුමාර පැමිණෙන තුරු මේ වන විට රඳවා ගෙන සිටින බව සිටින බව වැඩි දුරටත් වාර්තා වෙයි.

2016 වසරේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාඨලී චම්පකගේ රියදුරා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

කෙසේ වුවද අදාළ සැකකරු වෙනුවට පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීම බොහෝ පාර්ශවවල විවේචනයට ලක්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස