පාඨලී වෙනුවට රියදුරා පොලිසියට භාරදුන්නේ සුකී! පාඨලීට පෙම්වතිය නොදුන් නිසා අංගොඩ යවා කරන්ට් ඇල්ලූවේ සුකීට!

December 21, 2019 at 8:00 am | by emanisa.lk

2016 වසරේ රාජගිරියේ තරුණයකු අනතුරට ලක් කර පළා ගිය එවක අමාත්‍ය පාඨලී චම්පක රණවක වෙනුවට තුසිත කුමාර නැමති විදුලිබල මණ්ඩලයේ රියදුරා පොලිසියට භාර දී ඇත්තේ සුකී හෙවත් හර්ෂ බණ්ඩාර තිලකසිරි නම් පාඨලී චම්පකගේ එවක සමීපතම මිතුරකු මෙන්ම සහයකයකු වූ අයෙකි.

පසු කලෙක සුකීගේ විදෙස් පෙම්වතිය තමාට ලබා දෙන ලෙස පාඨලී චම්පක කරන ලද ඉල්ලීමකට එකඟ නොවූ නිසා සිය ඇමති බලතල යොදා ගෙන සුකී නම් සිය සමීපතමයා පිස්සකු බව පවසා අංගොඩ මානසික රෝහලට බලෙන් රැගෙන ගොස් තිබේ.

එහිදී හය වතාවක් සූකීට විදුලිය අල්ලමින් ප්‍රතිකාර ලබා දී ඇති අතර ඉන් මිදුණු සුකී අනතුරුව ජීවිතාරක්ෂාව පතා විදෙස්ගත විය. එහෙත් ආණ්ඩුව පෙරළීමත් සමග යුක්තිය පතා ඔහු නැවත ලංකාවට පැමිණ තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස