පාඨලීගේ වාහනේ පැදෙව්වේ මම නෙවෙයි! – රියදුරා පාපෝච්චාරණය කරයි…

January 15, 2020 at 11:33 pm | by emanisa.lk

2016 වසරේ දී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කරමින් සිදු වූ ආන්දෝලනාත්මක රිය අනතුර වූයේ තමන් අතින් නොවන බව චම්පක රණවක හිටපු ඇමතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද රියදුරා විසින් පාපොච්චාරණය කර ඇත.

එම අවස්ථාවේ වාහනය ගෙන ගියේ තමන් නොව චම්පක රණවක මවිසින් බව ඔහු සඳහන් කර තිබේ.

මේ බව හෙළි කරන ලද්දේ රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

සිංහල බෞද්ධ නායකයෙක් ලෙස තම වරද පිළිගන්නැයි පාඨලී රණවකගෙන් මහනායක හිමිවරුන් විසින් ද ඉල්ලා ඇති බවද ඔහු කියා සිටියේය.

මේ අතර අදාල රියදුරා විසින් අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමටද අවසර ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස