ප්‍රභාකරන් මල්ලිගේ සන්නද්ධ අරගලේ කිසිම වරදක් නෑ! කිසිවෙකුට ඒක වැරදියි කියන්නත් බෑ! වඩුකෝඩෙයි යෝජනාවල අරමුණ ඊළමයි! – විග්නේශ්වරන්

May 20, 2020 at 6:16 pm | by emanisa.lk

වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම වරදක් සේ නොදකින බවත් වඩුකෝඩෙයි යෝජනාවලිය ප්‍රකාරව ගෞරවාන්විත සටනකට ඔවුන් ප්‍රවිෂ්ට වී ඇති බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පවසයි.

විග්නේෂ්වරන් මේ බව සඳහන් කලේ දෙමළ මාධ්‍ය වෙත සතිපතා යොමුකරන සතියේ පැනයට පිළිතුරු යවමින් නිකුත් කළ නිවේදනය මගිනි.

“1976 වසරේ මැයි මස 14 වනදා අප පිළිගත් වඩුකෝඩෙයි යෝජනාවලියේ අවසන් වගන්තිය තුළ දෙමළ දේශයක් වෙනුවෙන් පොදු බලකිරීමක් සිදුකරනු ලබනවා.

විශේෂයෙන් දෙමළ තරුණයින්ට තම නිදහස වෙනුවෙන් “ගෞරවනිය සටනකට” එක්වන්නැයි ඉල්ලමින් ස්වෛරී දෙමළ ඊළමක් ලැබෙන තාක් පසුබට නොවී සටන් කරන ලෙසට එම යෝජනාව තුළින් අවධාරණය කර තිබෙනවා.

එදා දෙමළ නායකයින් ගෞරවනීය සටනක් යැයි හඳුන්වාදුන් සටන අවිහිංසාවාදී සටනක් ලෙසින් හෝ සත්‍යග්‍රහ මගින් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිදුකළ යුතුයි කියල පැහැදිලිව අවධාරණය කර නැහැ.

එනිසා මල්ලි ප්‍රභාකරන් වඩුකෝඩෙයි යෝජනාවලිය පිළිගනිමින් ආයුද සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමේ ඇති වරද මොකක්ද? අපි අවිහිංසාවාදී අරගලයක නිරත වූ නිසාවෙන් අපට ආයුද සන්නද්ධ අරගලයක අඩුපාඩුකම් කීමට හෝ අවතක්සේරු කිරිමට කිසිම අයිතියක් නැහැ.ප්‍රභාකරන් එදා දෙමළ නායකයින්ගේ ඉල්ලීම් හා බලකිරීම් වෙනුවෙන් තමයි විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක වුණේ.

තවද ප්‍රභාකරන් විසින් ආරම්බ කළ ආයුධ සන්නද්ධ අරගලය එවක දෙමළ නායකයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් ගෙන සටනක්. එය අද වැරදියි කියල කියන්න අපි කාටත් අයිතියක් නෑ.” යැයිද විග්නේෂ්වරන් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස