දෙමළ ජනතාව 68%ක් දෙමළ සන්ධානයට විරුද්ධයි! ජනාධිපතිවරණයේදී TNA සහාය ලබන අපේක්ෂකයා පරාද කරන්න දෙමළ ජනතාව වැඩ කරනවා! – ශිවශක්ති ආන්නදන්

July 2, 2019 at 4:13 pm | by emanisa.lk

පසුගිය පළාත් පාලන ඡන්දයේදී දෙමළ ජාතික සන්ධානය උතුරු නැඟෙනහිරින් ඡන්ද ලබා ඇත්තේ 32%ක ප්‍රතිශතයක් බවත් 68%ක් ඔවුන්ට එරෙහිව ඡන්ද ලබා දී ඇති බවත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආන්නදන් පවසයි.

ආණ්ඩුව ආරක්ෂා කරමින් අයවැයට පවා ඡන්දය ලබා දෙමින් දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කොළඹින් ගෙවල් ගැනීමට, ගම්පෙරළිය ඔස්සේ ලැබුණු මිලියන 400 යොදා ගෙන සිය ප්‍රතිරූප නැංවීමට, අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලක්ෂ මාසිකව පඩියට අමතරව ලක්ෂ 02ක දීමනාවක් ලබා ගැනීමට කටයුතු කළ ද ජනතා ප්‍රශ්න විසඳා නැතැයි ඔහු චෝදනා කරයි. එසේම වර්තමාන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සිය ප්‍රශ්නවලට කිසි දිනක විසඳුම් ලබා නොදෙන බව ස්ථිර යැයි ද හෙතෙම අවධාරණය කරයි.

දෙමළ ජාතික සන්ධාන නායකයා ප්‍රජාතන්ත්‍රවාදී නායක සම්බන්ධන් පරිණත ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු ලෙස පෙනී සිටිය ද ඔහු හිට්ලර් මුසලිනී වැනි දරුණු ඒකාධිපතියකු බව ද සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානය සිය සහාය ලබා දෙන අපේක්ෂකයාට එරෙහිව දෙමළ ජනතාව ඡන්දය භාවිත කරනු ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා ඉදිරි පළාත් සභා මැතිවරණයට තම පක්ෂය විග්නේශ්වරන්ගේ දෙමළ මහජන කොංග්‍රසය, ටෙලෝ සහ ප්ලොට් පක්ෂ සමග සන්ධානගත වී දෙමළ ජාතික සන්ධානයට එරෙහිව තරඟ වදින බව ද පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස