ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමේ! ලංකාවේ මුල් පදිංචිකාරයෝ දෙමළ වැසියෝ! මහවංසය හාමුදුරුවෝ ලියපු බොරුවක්! – විග්නේශ්වරන්

December 14, 2019 at 8:38 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ මුල් පදිංචිකරුවන් දෙමළ ජනතාව බවත් උතුරු නැඟෙනහිර කිසිම ස්ථානයක සිංහල ජනතාව වාසය කර නොමැති බවත් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සී.වී. විග්නේශ්වරන් පවසයි.

මහවංසය පාළි භාෂාවෙන් භික්ෂූන් වහන්සේලා ගේතූ ප්‍රබන්ධයක් බවත් භික්ෂූන් සහ ඉතිහාසඥයන් ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයක් බව ප්‍රකාශ කිරීම සඳහා විශාල ප්‍රයත්නයක් දරා ඇති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව සඳහන් කරන විග්නේශ්වරන් අතීතයේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, චීන ජනතාව ඉතා සමගියෙන් මෙරට විසූ බවත් ශ්‍රී ලංකාව සිංහලයන්ගේ බව ප්‍රකාශ කිරීමත් සමග ජාතීන් අතර සමගිය බිඳ වැටුණු බවත් අවධාරණය කරයි.

ලංකාව සිංහල බෞද්ධ රටක් බව ප්‍රකාශ කිරීම වැරදි බවත් කිසිවකුට ඒ සඳහා අයිතියක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස