පළාත් සභා ගැන නැවත අධ්‍යයනය කළ යුතුයි! – ජනපති

February 2, 2019 at 12:41 pm | by admin

පළාත් සභා ක‍්‍රමයේ අඩුපාඩු, සාර්ථක අසාර්ථකභාවයන් හඳුනා ගනිමින් ශක්තිමත් පළාත් සභාවක් ගොඩනැගීමට එහි ආරම්භයේ සිට මේ දක්වා කටයුතු පිළිබඳ අධ්‍යයනයක් සිදු කළ යුතුව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මුදල් කොමිෂන් සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (01) පෙරවරුවේ එක් වෙමිනි.

මේ පිළිබඳ තමා අමාත්‍යවරයෙක් ලෙස අවස්ථා දෙකකදීම යෝජනා ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා, ජනාධිපතිවරයා ලෙස 2015 වසරේ ද ඒ සඳහා අදාළ අංශවලට උපදෙස් ලබාදුන් නමුත් මෙතෙක් කිසිවෙක් ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කර නොමැති බවද සඳහන් කළේය.

උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශ්වරන් පසුගිය දා ප්‍රකාශ කළේ සිංහල පළාත්වලට පළාත් සභා නිශ්ඵල බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *