උතුරු නැඟෙනහිරට දැන් 13 හොඳටම මදියි! ඒකාබද්ධ කර ස්වයං පාලනයක් ඕනමයි!

June 15, 2019 at 7:53 am | by emanisa.lk

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සහ උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය ලබාදීම අනිවාර්යයෙන් කළ යුතු බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් යාපනයේ මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත.

උතුරු නැගෙනහිර සිටින්නේ වෙනම භාෂාවක්‌ කතා කරන වෙනම ආගමක්‌ ඇති ජනතාවක්‌ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවබෝධ කරගත යුතු යෑයි පැවසූ හිටපු මහ ඇමැතිවරයා 13 වැනි සංශෝධනය ප්‍රමාණවත් නැතැයි කියා සිටියේය.

උතුරේ කෝකිලායි සහ කොක්‌කුතුඩුවායි ප්‍රදේශවල සිංහල ජනපද ඇති කිරීමට රජය ක්‍රියා කළ බවට චෝදනා කළ විග්නේශ්වරන් ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන හිමිකම් අහිමි කර ඔවුන්ට ආර්ථිකය පෙන්නුම් කර මිලට ගැනීමට නොහැකි බවද පළ කළේය.

මෙරට මහ ඇමැතිවරුන් නවදෙනා සමග ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැත් වූ සාකච්ඡාවේදී උතුරු මැද මහ ඇමැතිව සිටි පේෂල ජයරත්න මහතා පළාත් සභාවලට පූර්ණ බලතල අවශ්‍ය යෑයි පැවසූ බවද විග්නේශ්වරන් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස