භික්ෂූන් වහන්සේ පන්සලේ ආදාහනය කිරීම හින්දු ආගමට අගෞරවයක් නෙමෙයි! අහිංසක හින්දු ජනතාව කුපිත කරන්නේ බෙදුම්වාදී නායකයෝ! -ලංකා හිංදු සම්මේලනය

October 1, 2019 at 10:22 pm | by emanisa.lk

මුලතිව් ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ දේහය පන්සල් භුමියේ ආදාහනය කිරීම හින්දු ආගමට අනුව කිසිදු ගැටළුවක් නොමැති බව සමස්ත ලංකා හිංදු සම්මේලනයේ සභාපති ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක නාරා ටී. අරුණ්කාන්ත් පවසයි.

කොළඹ එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (30) කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

හින්දු කෝවිල් භූමියේ සාමාන්‍යයෙන් ආදාහන සිදුකරන බවත් එය කිල්ලට හසුවෙනවා යැයි පැවසීම සාවධ්‍ය කරුණක් බවත් අහිංසක හිංදු ජනතාව කුපිත කරමින් උතුරේ දේශපාලකයන් ගෙන යන බෞද්ධ විරෝධී වැඩසටහනක තවත් එක් කොටසක් ලෙස මුලතිව් ප්‍රශ්නය හැඳින්විය හැකි බවත් අරුන්කාන්ත් අවධාරණය කරයි.

මේ පිටුපස සිටින්නේ සී.වී. විග්නේශ්වරන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් සහ මන්නාරමේ සිට පැමිණි දෙමළ කතෝලික පූජකයන් තිදෙනෙකු බව ද භික්ෂුවකගේ අවසන් කටයුතු කිරීමට හින්දු ජනතාව බාධා කළේය යන ප්‍රවෘත්තිය අසත්‍යයක් බවත් ඒ පිළිබඳ තමා ලැජ්ජාවට පත්වන බවත් ඔහු සඳන් කළේය. නැඟෙනහිර අන්තවාදීන් විසින් හින්දු කෝවිල් 13ක් විනාශ කර ඇතත් මේ කිසිවකු ඊට එරෙහිව කිසිවක් කර නැති බවත් ඔහු සඳහන් කළේය.

අපවත් වූ හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්න යැයි ප්‍රදේශයේ හින්දු ජනතාව කැඳවා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් අනතුතරුව ඔවුන් ජාතිවාදී ක්‍රියා සඳහා පොළඹවා ඇත්තේ බෙදුම්වාදීන් බවත් ඔවුන්ගේ අරමුණ බෞද්ධ හින්දු ගැටුමක් ඇති කිරීම බවත් ඔහු අවධාරණය කළේය.

ගජේන්ද්‍රකුමාර්ගේ පක්ෂයේ නීතිඥයකු වන සුභාෂ් මේ රටේ නීතිය උතුරු නැඟෙනහිරට බලනොපාන බව අධිකරණය හමුවේ පවස ඇති බවත් ජිනීවා වෙත ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය චෝදනා නැඟූවේ මොහු බවත් අරුණ්කාන්ත් සඳහන් කළේය.

මෙම තීන්දුව ලබා දුන් විනිසුරුවරයාගේ කිසිදු වරදක් නැති බවත් ඔහු තීන්දුව ලබා දෙන්නේ අධිකරණය හමුවේ ඉදිරිපත් කරන කරුණු අනුව බවත් ප්‍රදේශය භාරව කටයුතු කළ සිංහල පොලිස් ප්‍රධානීන් පවා බෙදුම්වාදීන්ගේ උවමනාව අනුව කටයුතු කර ඇති බවත් ඔහු හෙළි කළේය.

කොළඹ වොක්ෂෝල් වීදියේ හින්දු කෝවිලේ වේල් කරත්තය ඇදීමට මුස්ලිම් අන්තවාදීන් එරෙහි වද්දී ඊට ඉඩ ලබා දීමට පෙරමුණු ගත්තේ ඥානසාර හිමි බවත් නැඟෙනහිර හින්දු කෝවිල් විනාශ කිරීමට එරෙහිව පෙනී සිටියේ ද ඥානසාර හිමි බවත් අරුණ්කාන්ත් හෙළිදරුව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස