පාස්කු ප්‍රහාරය ගැන නෙමේ ඊට පසු මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ දේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ! – විග්නේශ්වරන්

June 11, 2019 at 9:40 am | by emanisa.lk

පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදු වූ දේ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බව හිටපු උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේශ්වරන් පවසයි.

මුස්ලිම් ජනතාවට සිදුවන අසාධාරණකම් පිළිබඳ ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් කිහිපයකටම තමා ලිපියක් යැවීමට සූදානම් වන බව ද හෙතෙම හෙළි කරයි.

මුස්ලිම් දේශපාලකයන්ට විවිධ චෝදනා ඇතැයි පැවසුව ද රජය හෝ ආරක්ෂක අංශ මෙතෙක් ඒ කිසිදු චෝදනාවක් ඔප්පු කර නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

එක් පිිරිසක් මුස්ලිම් දේශපාලකයන්ට චෝදනා කරමින් දේශපාලනයෙන් ඉවත් කිරීමට කටයුතු කරද්දි තවත් පිරිසක් ඔවුන් ළඟට ගෙන දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස