මේ රටේ මුල් පදිංචිකාරයෝ වගේම මුල්ම බෞද්ධයොත් දෙමළ! ඉතිහාසඥයින් වගේම මාහාචාර්යවරුත් දරන්නේ ඒ මතයයි! – විග්නේශ්වරන්

December 18, 2019 at 11:11 pm | by emanisa.lk

ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන අතර ලංකාවේ මුල්ම පදිංචිකරුවන් දෙමළ ජනතාව බවත් මුලින්ම බුදු දහම වැළඳ ගත්තේ එම දෙමළ ජනතාව බවත් උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර සී. වී. විග්නේශ්වරන් පවසයි.

තමන් පෙර සඳහන් කළ මතය දැඩි ආන්දෝලනයට ලක්වීම සහ ආගමික නායකයන් සහ වෙනත් කණ්ඩායම් විසින් දැඩි ලෙස විවේචනය කිරීම නිසා අද (18) නැවත මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“ශ්‍රීලංකාව බෞද්ධ රටක් නොවන බවට පෙන්වා දුන් තම ප්‍රකාශය ගැන මාධ්‍ය මගින් බෞද්ධ සමාජීය හා ආගමික නායකයින්ගේ විවේචන එල්ල වෙනවා. කෙසේ නමුත් මම කළේ නිවැරදි ප්‍රකාශයක්. මම කියනවා මගේ ප්‍රකාශය විවේචනය කරන පාර්ශවවලට මුලින්ම ඒ පැරණි ඉතිහාසය ගැන අවබෝධ කරගෙන කතා කරන්න කියලා.

ශ්‍රී ලංකාවට බෞද්ධාගම පැමිණීමට පෙර මෙරට තුළ දෙමළ ජාතින් ජීවත් වී තිබෙන බව ඉතිහාස මූලාශ්‍රව සඳහන් වෙලා තියෙනවා. ඉතිහාසඥයින්ගේ මෙන්ම ඉතිහාස මහාචාර්යර්යවරුන්ගේද මතය ඒකයි. ඒ ප්‍රකාශය මා ආවට ගියාට කළ ප්‍රකාශයක් හෝ බෞද්ධාගම නිගා කිරීමට කරන ලද ප්‍රකාශයක් නොවෙයි.

මම ඒ කී දේ ඇත්ත. මගේ කතාව වැරදියි නම් පුරාණ මූලාශ්‍ර අනුව ඒ කතාව වැරදියි කියල මට කියල දෙන්න. එවිට මා සූදානම් ඒ වරද්ද පිළිගන්න මට මංවත් නොදන්න ඇත්ත කියල දෙන්න කියල මම ඉල්ලනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස