නිකාබ් බුර්කා තහනම් වුණේ හදිසි නීතිය යටතේ! දැන් හදිසි නීතිය නෑ! නිකාබ් බුර්කා ඇන්දාට කමක් නෑ! – පොලිසියෙන් ඇමති හලීම්ට ලිපියක්…

September 21, 2019 at 2:43 pm | by emanisa.lk

හදිසි නීතිය යටතේ බලාත්මක වූ බුර්කාව සහ නිකාබය තහනම හදිසි නීතිය අවසන් වීමත් සමග අහෝසි වූ බව පොලිසිය විසින් මුස්ලිම් ආගමික කටයුතු ඇමති එම්.එච්.එල්. හලීම් වෙත යවන ලද ලිපියක පිටපතක් බව පැවසෙන ලිපියක් සමාජමාධ්‍යවල පැතිර යනු දැකිය හැකිය.

එහි සඳහන් ආකාරයට කාන්තාවන්ගේ මුහුණු සම්පූර්ණයෙන් ආවරණය කෙරෙන නිකාබ් සහ බුර්කා තහනම් වූයේ හදිසි නීති රෙගුලාසි යටතේය. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ පැන වූ හදිසි නීති තත්ත්වය මේ වන විට ඉවත් කර ඇති අතර රටේ ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය නීතියයි.

එහෙයින් දැන් නිකාබ් බුර්කා තහනම ක්‍රියාත්මක නොවන බව එමගින් පොලිසිය විසින් ඇමති හලීම්ට දන්වා තිබේ. මෙහි අත්සන් කර ඇත්තේ පොලිස් අධිකාරී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණය.

පාස්කු ප්‍රහාරයත් සමගම ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බුර්කාව සහ නිකාබය ඇතුළු මුහුණු ආවරණය කරන සියලු ඇඳුම් තහනම කළ යුතු බවට පැවති අදහස ප්‍රබල විය. සහරාන් ඇතුළු දරුණු අපරාධකාරයන් නිකාබය හැඳ ආරක්ෂක අංශවලින් මිදී රට පුරා සැරිසැරූ බව පසුගිය සමයේ අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස