මහනුවර ශාන්ත අන්තෝනි පාසලේ අබා විරෝධයක්! ආණ්ඩුකාර මෛත්‍රී අසාද් සාලි මග යයි!

May 17, 2019 at 9:15 pm | by admin

මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල මුස්ලිම් ගුරුවරියන් පිරිසක් සාරිය හෝ එකඟවිය හැකි ඇඳුමකින් සැරසී පාසලට නොපැමිණියේ යැයි එම පාසලේ ගුරුවරු සහ දෙමාපියන් විරෝධතාවක නිරතව ඇතැයි වාර්තා වෙයි.

මෙම පාසලේ මුස්ලිම් ගුරුවරියන් 16 දෙනෙකු සේවය කරන අතර ඉන් 11 දෙනෙකු එම පාසලේ ඉල්ලීමට ගරු කරමින් උචිත ඇඳුමින් පාසලට පැමිණිය ද ඉතිරි 5 දෙනා එයට එරෙහි වී ඇත.

මේ නිසා අදාළ ගුරු පිරිසට පාසලට ඇතුළු වීමට ඉඩ ලබා දී නැති අතර ගැටලුව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න වෙත රැගෙන ගිය ද විසඳුමක් ලැබී නැත. එහි දී ඔහු පවසා ඇත්තේ බුර්කා මිස අබා තහනම් කර නොමැති බවත් සියලු ගුරුවරියන් සාරි ඇඳිය යුතු යැයි නීතියක් නොමැති බවත්ය.

මෙවැනිම ගැටලුවක් පුවක්පිටිය දෙමළ මහ විද්‍යාලයේ මතු වූ අවස්ථාවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි කළේ අදාළ ගුරු පිරිසට පාසලට ගැළපෙන ඇඳුමකින් පාසලට පැමිණෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීම නොව වෙනත් පාසල්වලට ක්ෂණිකව ඔවුන් මාරු කරමින් අන්තවාදයට උල්පන්දම් දීමය.

මෙයට වසර කිහිපයකට පෙර සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව සියලු ගුරුවරියන් පාසලට ඇන්දේ සාරිය සහ ඔසරියයි. මුස්ලිම් ගුරුවරියන් සාරි පට හෝ වෙනත් රෙදි පොටක් හිස පැළඳීම දැකිය හැකි විය.  එවැනි සාඩම්බර ගුරු මාතාවන් අදත් අදපට දැකිය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස