බුර්කාව තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනයක්! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

August 27, 2019 at 8:19 am | by emanisa.lk

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් බුර්කාව තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බව ආගම් ඇදහීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමද් ෂහිද් පවසයි.

එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී ඊයේ (26) සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය.

“මුහුණු ආවරණය තහනම් කිරීම ගැනත් මානව හිමිකම් පැමිණිලි ලැබුණා. එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. සමහර අයටත් හිජාබ් පැළඳි මුස්ලිම් කාන්තාවන්ට රජයේ ආයතනවලට පිවිසීමට ඉඩ නොදෙන බවටත් මට වාර්තා වුණා.” යැයි ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස