කුරුණෑගල බුර්කාව තහනම් කරයි! යෝජනාව ඒකමතිකව සම්මතයි!

April 26, 2019 at 5:58 pm | by admin

කුරුණෑගල මහා නගර සභාව විසින් පාලනය වන සියලු ආයතනවලට බුර්කා ඇඳුමින් සැරසී ඇතුල්වීම අද (26) දින සිට තහනම් කර තිබේ.

ඒ අනුව කුරුණෑගල පොල භූමිය, පොදු වෙළඳ සැල භුමිය, බස්නැවතුම්පලළ ඇතුළු ස්ථාන සියල්ලටම බුර්කා ඇඳුමෙන් සැරසී ඇතුල්විම තහනම් වනු ඇත.

පුරපති තුෂාර සංජීව විතාරණ මහතා ඉදිරිපත් කළ මේ යෝජනාව අද පැවති කුරුණෑගල මහ නගර සභා වාරයේදී ඒකමතිකව සම්මත විය.

යෝජනාවට පක්ෂව ජන්ද 21ක් හිමිව ඇති අතර විපක්ෂව කිසිවකු ඡන්දය ප්‍රකාශ කළේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස