හෙට සිට බුර්කා ඇතුළු සියලු මුහුණු ආවරණ තහනම්!

April 28, 2019 at 10:47 pm | by admin

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (2019.04.29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිලි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාව බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබේ.

රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය
20.04.28

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස