බුර්කා තහනම යටතේ මුහුණු ආවරණ මිස කිසිම ඇඳුමක් තහනම් නෑ! -සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලිපියක්….

May 4, 2019 at 7:21 am | by admin

රෝහල් වෙත පැමිණෙන පුද්ගලයන් අතර සැක කටයුතු අයකු සිටීන නම් පරික්ෂා කිරීමට ගැහැනු පිරිමි ලෙස පහසුකම් සලසන ලෙස ද හිස පමණක් වසා ගෙන පැමිණෙන පුද්ගලයන් අපහසුතාවට පත් නොවන ආකාරයට කටයුතු කරන ලෙස ද දන්වමින් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ලිපි ශීර්ෂය යටතේ සෞඛ්‍ය බලධාරීන් වෙත ලිපියක් නිකුත් කර තිබේ.

මෙම ලිපිය අනුව මුහුණ ආවරණය නොවන ආකාරයට ඕනෑම ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීමේ අවස්ථාව තිබේ. මුහුණ හැර සම්පූර්ණයෙන් ශරීරය වැසෙන ඇඳුමින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසිය හැකිය.

රාජිත සේනාරත්න සහ මංගල සමරවීර බුර්කාව තහනම් කරන කැබිනට් යෝජනාවට ද එරෙහි වූ අතර මේ වන විට බුර්කාව තහනම් කර ඇත්තේ ජනාධිපතිවරයා හදිසි නීතිය යටතේ මුහුණු ආවරණය තහනම් කළ නිසාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස