එජාප සහ ජවිපෙ සමාජාලා මැවූ තවත් බොරුවක් මාට්ටු! බුර්කා තහනමට මහින්ද විරුද්ධ කතාව පට්ටපල් බොරුවක්!

May 1, 2019 at 5:21 pm | by admin

විපක්ෂය නායක මහින්ද රාජපක්ෂ මහතා සහ සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිත හමුවේදී මුස්ලිම් කාන්තාවන් මුහුණු වැසෙන සේ පලඳින බුර්කාව තහනම් කිරීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව විපක්ෂ නායක කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පසුගියදා සිදු වූ බෝම්බ ප්‍රහාරයත් සමඟ රට තුළ ඇති වූ වත්මන් තත්ත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පාස්කු ඉරිදා සිදුවූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට ඉස්ලාම් ප්‍රජාවගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව සමස්ථ ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ නියෝජිතයින් පවසා ඇත.

සමස්ථ මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් බැලීම වැරදි බවත් මුස්ලිම් ප්‍රජාව සහ ත්‍රස්තවාදීන් වෙන්කොට හඳුනාගත යුතු බවත් ඉස්ලාම් වියතුන්ගේ සංගමය එහිදී ඉල්ලා ඇත.

මෙම හමුවේදී බුර්කාව තහනම් කිරීමට විපක්ෂ නායකතුමා විරුද්ධ බව සමාජ මාධ්‍ය ජාලාවල මේ දිනවල ප්‍රචාරය වන අතර එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද එහි සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස