වාර්ගවාදී පාසල් වැනි රටේ බෙදීම් ඇති කරන දේවල් වගේම රටට නොගැළපෙන බුර්කාව ඉවත් කළ යුතුයි! – මල්වතු පාර්ශවය

April 26, 2019 at 9:31 pm | by admin

ජාතීන් වශයෙන් බෙදා වෙන්කර ඉගැන්වීම් සිදුකරන පාසල් ඉවත් කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියෝ පවසති.

පාසල් ආදී වශයෙන් ජන කොටස් වෙන් කළ විට භේද ඇති වනවා මිස එකමුතුකම ඇති නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ භාෂා දැනුම වර්ධනය කිරීම මගින් සියලු දෙනා අතර විශ්වාසය හා අවබෝධය ගොඩනැගිය හැකි බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායට අයත් නොවන මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සමස්ත ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනස් වීමකට බඳුන් විය යුතු බව ද එහිමියෝ පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සර්ව ආගමික කමිටු රැස්වීමේදී උන්වහන්සේ මේ බව පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස