රට පුරා පාළම් පුපුරුවන බවට බුද්ධි අංශ අනතුරු අඟවන අතර මාතර පාළම යටින් බුර්කා හැඳ බෝම්බයක් අතින් ගත් කතක් මතුවෙයි! (video)

May 8, 2019 at 3:15 pm | by admin

මාතර දෙවිනුවර වැල්ලමඩම ප්‍රදේශයේ මත්ස්‍ය වෙළෙඳපොළට යාබදව පිහිට පාලම යට බුර්කාවක් පැළඳ සිටින කාන්තාවක් බෝම්බයක් වැනි යමක් අතැතිව සිටින ආකාර දැක්වෙන සිතුවමක් නිර්මාණය කර ඇති බව සොයාගෙන තිබේ.

මිනිසුන් නිතරයෙන්ම ගැවසෙන මෙම ප්‍රදේශයේ මෙවැනි නිර්මාණයක් කළේ කවුරු යන්න පිළිබඳව මේ වන විට සැකයක් මතුව තිබෙන අතර ගන්දර පොලීසිය විසින් විමර්ශනය කෙරේ.

කලාත්මක ස්වරූපයක් සහිතව නිර්මාණය කර ඇති මෙම සිතුවම දහවල් කාලයේ සිදු කිරීම අපහසු බැවින් රාත්‍රී කාලයේදී සිදුකරන්නට ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළද මෙවැනි සිතුවමක් එක් රාත්‍රියක් තුළ ඇඳ නිම කළායැයි සිතීම අපහසු බවයි ඇතමුන් ප්‍රකාශ කරති.

එසේම මෙම සිතුවම දහවල් කාලයේ නිර්මාණය කළේ නම් ගම්වැසියන් නිරන්තරයෙන් පාලම හරහා ගමන් කරන නිසා සිතුවම අඳින අය හඳුනාගැනීමට අවස්ථාව තිබූ බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

මේ අතර කොළඹට පිවිසෙන සියලු පාළම් සහ ගුවන් පාළම්වලට ප්‍රහාරයක් එල්ල කීරීමට ත්‍රස්තවාදීන් සැලසුම් කරන බවට ලද තොරතුරු අනුව පසුගියදා පාළම්වල ආරක්ෂාව තර කෙරණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *