ජනතාව බුර්කා වෛද්‍යවරියගේ ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරයි! බුර්කාව වෙනුවෙන් වෛද්‍යවරිය ඉල්ලා අස්වී ගෙදර යයි!

May 27, 2019 at 9:51 pm | by admin

බුර්කාව හැඳගෙන හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි වෛද්‍යවරියකට විරෝධය පෑම නිසා සේවයෙන් ඉවත්වීමට අදාළ ලිපිය රෝහල් අධිකාරිවරයාට භාර දී තිබේ.

මෙම වෛද්‍යවරිය අප්‍රේල් මස අවසාන සතියේ දිනක බුර්කාව හැඳ රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයට පැමිණ ඇති අතර රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය ද බුර්කාවක් හැඳ රෝහලට පැමිණීම පිළිබඳ විරෝධය පළකර තිබේ.

අනතුරුව අදාළ වෛද්‍යවරියගේ පියා කැඳවා තත්ත්වය පැහැදිලි කර දී ඇති අතර දින කිහිපයකට පසු මෙම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ. කෙසේ වුවද මේ වන විට බුර්කාව හැඳීම ශ්‍රී ලංකාවේ තහනම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස