ජාතික ගීය දෙමළෙන් නොගැයීම නිසා බෙදුම්වාදය ශක්තිමත් වුණා! – මනෝ

February 5, 2020 at 9:31 pm | by emanisa.lk

ඊයේ දිනට යෙදී තිබූ 72 වන ජාතික නිදහස් දින සමරුවේ දී දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනය නොකිරීම ළිබඳ තමන් කණගාටුවන බව දෙමළ ප්‍රතිසංධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් පවසයි.

එම ක්‍රියාව හේතුවෙන් ශ්‍රී ලාංකීය අනන්‍යතාව බෙදාගැනීමට දෙමළ ජනතාවට තිබූ අවස්ථාවක් අහිමි වූ බව ද ඔහු සඳහන් කරයි.

දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට ඉඩ නොදීම මගින් රජය විසින් කර ඇත්තේ බෙදුම්වාදය ශක්තිමත් කිරීමක් බව තමන්ගේ අදහස යැයිද ඔහු පැවසීය.

දෙමළ ජනතාව මේ ආකාරයෙන් වෙන් කිරීමෙන් සිදුවන්නේ වෙනම රටක්, වෙන ම ජාතියක් යන ප්‍රභාකරන්ගේ සංකල්පය තහවුරු කිරීමක් යයිද ඔහු තවදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස