“ISIS භංගවේවා! මව්බිම දිනේවා!”දේව මෙහෙයට පසු මුස්ලිම්වරු දහසක් පාරට බසිති! කොළඹ මුස්ලිම් නායකයන්ට බැරි වුණ දේ පුත්තලමේ මුස්ලිම්වරු කරති!

May 17, 2019 at 5:15 pm | by admin

ISIS ත්‍රස්තවාදයට විරෝධය පාමින් පුත්තලමේ මුස්ලිම්වරුන් 1000ක පමණ පිරිසක් විසින් විරෝධතාවක් සංවිධානය කර ඇත.

ඔවුන් ISIS ත්‍රස්තයින් විනාශ වෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස් කලපු තීරයේ දැවැන්ත රැස්වීමක් පවත්වා ඇත.

පුත්තලම නගරාධිපති කේ.ඒ. බායිස් මහතා සහ පුත්තලම ප්‍රධාන මුස්ලිම් දේවස්ථාන ඇතුළු මුස්ලිම් දේවස්ථාන ගණනාවක මුස්ලිම් ජාතිකයින් මේ සඳහා එක්ව සිටි බව වාර්තා වෙයි.

අද දහවල් ජුම්මා දේව මෙහෙයෙන් පසුව පාගමනින් කලපු තීරයට පැමිණි මුස්ලිම් ජාතිකයින් පැය දෙකකට ආසන්න කාලයක් දැවැන්ත රැස්විමක් පවත්වා ISIS ත්‍රස්තයින්ට දැඩි විරෝධය පා තිබේ.

වසර තිහක යුද්ධයෙන් බැට කෑ රට නැවත වනසන්නට කටයුතු කිරීම ගැන මුස්ලිම් ජාතිකයින් ලෙස ISIS ත්‍රස්තයින්ට ශාප කරන බවද පවසා ඇත.

කෙසේ වුවද ප්‍රධාන මුස්ලිම් දේශපාලන නායකයන් මේ සඳහා සහභාගී නැති අතර ඔවුන් මෙතෙක් එවැනි විරෝධතාවක් පවා සංවිධාන කළේ නැත. එහෙත් ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විරෝධය පා ඉන්දීය මුස්ලිම් ජනතාව පවා විරෝධතා සංවිධානය කළහ.

ඊශ්‍රායලය පලස්තීනයට පහර දුන් විට ලංකාවේ ඇමරකානු තානාපති කාර්යාලය වටලා විරෝධතා පවත්වන මෙම දේශපාලන නායකයන් තමන් සමග එකම රටේ ජීවත් වන ජන කොටසකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ විට හැසිරෙන ආකාරය පුදුම එළවන සුළුය.

සිංහල දෙමළ ඉංගිරිසි භාෂාවලින් එහි විරෝධතා පුවරු ප්‍රදර්ශනය කෙරිණි. අපේ රටට ජය වේවා අයිසිස් භංගවේවා! අයිසිස් ඉස්ලාමයේ සතුරාය! අයිසිස් තහනම් කරනු! ආදී සටන් පාඨ එහි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස