2018 පාර්ලිමේන්තුවේ අදහස් නොදැක්වූ මන්ත්‍රී 13යි! ලක්ෂ්මන් වසන්ත පාර්ලිමේන්තු ආවෙත් දින 16යි!

February 27, 2019 at 1:06 am | by admin

2018 වසරේ දී පාර්ලිමේන්තුවේ පැවති කිසිදු වාද විවාදයකට හෝ අදහස් දැක්වීමකට සහභාගී නොවූ මන්ත්‍රී මන්ත්‍රී ගණන 13කි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 අතරින් කතානායක හැර සෙසු මන්ත්‍රීවරු 211 දෙනාම පාර්ලිමේන්තුවේ එක වරක් හෝ සිය අදහස් දක්වා තිබේ.

මේ පිරිස අතරින් 12 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වන අතර එක් අයකු එක්සත් ජාතික පක්ෂයේය. ඒ අනුව ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ සරත් අමුණුගම, ඉන්දික බණ්ඩාරනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, අංගජන් රාමනාදන්, ලොහාන් රත්වත්තේ, සිරිපාල ගම්ලත්, ජනක බණ්ඩාර, ආරුමුගන් තොණ්ඩමන්, තේනුක විදානගමගේ, දුලිප් විජේසේකර ද එක්සත් ජාතික පක්ෂයේ වසන්ත සේනානායක ද පාර්ලිමේන්තුවේ කිසිම අදහස් දැක්වීමක් කර නොමැත.

2018 වසරේ දින 77ක් පාර්ලිමේන්තුව පැවති අතර පෙර සඳහන් කළ පිරිස අතරින් 7 දෙනෙකු පාර්ලිමේන්තු පැමිණ ඇත්තේ ඉන් දින 30කට අඩු ප්‍රමාණයකි. ලක්ෂ්මන් වසන්ත පෙරේරා පැමිණ ඇත්තේ දින 16ක් පමණි.

කෙසේ වුවද පසුගිය කාලය පුරා ජාතික ආණ්ඩුව යටතේ ආණ්ඩුවේ බලය එජාපය ද විපක්ෂයේ බලය දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ද අත්කර ගෙන සිටි නිසා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථා ලැබුණේ ඉතාම අවම වශයෙනි. එම අවස්ථා බොහෝ විට ප්‍රධාන කථිකයන්ට ලැබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස