වත්තල ආසනයට හරීන් සහ රෝලන්ඩ් අතර සටනක්!

December 7, 2019 at 8:32 am | by emanisa.lk

හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග දේශපාලනයෙන් සමු ගැනීමට තීන්දු කිරීම සමග වත්තල එජාප සංවිධායක ධුරය සඳහා ද්වන්ධ සටනක් ආරම්භ වී තිබේ.

ඒ ලංකා බැංකුවේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අතරය.

ජෝන් අමරතුංගගේ සමුගැනීමත් සමග වත්තල ආසනය භාරගන්නා ලෙස ඔහුගේ බෑනා වන දිනේෂ් වීරක්කොඩිගෙන් ඉල්ලා සිටිය ද ඔහු තවමත් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට සූදානම් නොමැති බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

බදුල්ල දිස්ත්‍රික් එජාප නායකයා වන හරීන් ප්‍රනාන්දුට පසුගිය ජනාධිපතිවරණයේ දී අපේක්ෂිත ජයග්‍රහණය සජිත් ප්‍රේමදාසට ලබා දීමට නොහැකි විය.

ඉදිරියේ පක්ෂය බෞද්ධ නැඹුරුවක් සහිතව ප්‍රතිනිර්මාණය කිරීමේ දී තමන්ගේ පාර්ලිමේන්තු ආසනය ආරක්ෂා කර ගැනීමටත් හරීන් ප්‍රනාන්දු කතෝලික පදනමක් සහිත වත්තලට පැමිණීමට සූදානම් වන බව වාර්තා වෙයි.

කෙසේ වුවද පාර්ලිමේන්තුවට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින රෝලන්ඩ් පෙරේරාද වත්තල ආසනය ඉල්ලා සිටීම විශාල ගැටලුවක් බවට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස