සජිත්ට රාජපක්ෂලා එක්ක හැප්පිලා ජනාධිපතිවරණය දිනන්න බෑ! දිනන්න පුළුවන් එකම නායකයා නිර්භය මංගල! – කුසල් පෙරේරා

July 3, 2019 at 9:41 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමේ අවශ්‍ය නම් ඇමති සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ යුතු බව ඇමති මංගල සමරවීර ප්‍රකාශ කළ ද ඔහුට ජනාධිපතිවරණය ජයගත නොහැකි බව කුසල් පෙරේරා ෆේස්බුක් සටහනක් තබමින් පවසයි. හම්බන්තොටින් මන්ත්‍රීවරු 7 දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණිය ද සජිත් ප්‍රේමදාසට සංවිධායක ලෙස තවමත් එජාපයෙන් තිදෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන ඒමට නොහැකි වූ බව ද ඔහු වෙබ් අඩවියකට පවසා තිබිණි.

සජිත් ප්‍රේමදාස ඔසවා තැබීමට සිරස නාළිකාව කාලයක් තිස්සේ වෙහෙසුණ ද ඔහු ජාතික නායකයෙක් නොවන බවත් ඔහුට ජාත්‍යන්තර පිළිගැනීමක් නැති බවත් කුසල් පෙරේරා පවසයි. රාජපක්ෂලා සමග තරඟ කොට සිංහල බෞද්ධ ඡන්ද බහුතරයක් ගැනීමට හෝ සුළු වාර්ගික ඡන්ද ආකර්ශනය කර ගැනීමට ද ඔහුට හැකියාවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි. සජිත් යනු මෛත්‍රී මොඩ්ල් එකේ හම්බන්තොට වර්ෂන් එක බවත් කිසිම බලාපොරොත්තුවක් තබාගත නොහැකි බවත් සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය ජයගත යුතු නම් ඉදිරිපත් කළ යුතු වන්නේ එජාපයේ සිටින නිර්භයම නායකයා වන මංගල සමරවීර බව ඔහුගේ අදහසය. එජාපය බුද්ධිමතුන් මත රඳා පවතින පක්ෂයක් නිසා ද පසුගිය සමයේ ඔහු ගත් තීන්දු මත නොසැලී රැඳී සිටීම නිසා ද ඇමති මංගල සමරවීර ජයග්‍රහණය කිරීමේ හොඳ ඉඩක් ඇතැයි පෙන්වා දුන් කුසල් පෙරේරා ඇමති මංගලට සුළු වාර්ගික ඡන්ද දිනා ගැනීමට මෙන්ම ප්‍රබල රාජපක්ෂ විරෝධියකු ලෙස රාජපක්ෂ ඡන්ද එකතු කිරීමේ හැකියාව ද ඇති බව සඳහන් කළේය.

කෙසේ වුවද පසුගියදා එජාප පාක්ෂිකයන් අතර සිදුකළ සමීක්ෂණයක් අනුව සජිත් ප්‍රේමාදාසට  ජනාධිපති අපේක්ෂක ලෙස 49%ක් කැමැත්ත පළ කර ඇති අතර මංගල සමරවීරට කැමති වී තිබුණේ 10%ක් පමණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස