සිංහල බෞද්ධ කාන්තාවන් 4000ක් වඳ කළැයි කියන දොස්තර ඇමති රිෂාඩ්ගේ ගජයෙක්! පහුගිය ඡන්දෙට එජාපයෙන් කුරුණෑගලින් තරඟ කරලා! (video)

May 25, 2019 at 1:14 pm | by admin

ඉතාම කෙටි කාලයක් තුළ විශාල ධනස්කන්ධයක් උපයාගත්තේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ශෙයිගු ශියාබ්ඩීන් මොහොමඩ් ෂාෆි ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සාමාජිකයකු බවත් 2015 වසරේ පැවති මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයේ එජාප ලැයිස්තුවෙන් අංක 18 යටතේ කරඟ කළ බවත් හෙළි වී තිබේ.

මෙම වෛද්‍යවරයා තමා ජාතිවාදී ආගම්වාදී දේශපාලනයට විරුද්ධ යැයි ද සිසේරියන් සැත්කම් 8000ක් ද නාරිවේද සැත්කම් 5000ක් ද සාමාන්‍ය දරු උපත් 15000ක් ද සිදු කර ඇතැයි පුවත්පත් සාකච්ඡාවක දී සඳහන් කර ඇති පවසා තිබේ.

සිංහල කාන්තාවන් 4000ක් වඳභාවයට පත් කිරීම පිළිබඳ චෝදනා එල්ල වන මෙම වෛද්‍යවරයා ව්‍යාජ ලිපි ලේඛන සකසමින් දරුවන් විකුණා විශාල ධනස්කන්ධයක් උපයා ඇති බවට චෝදනා නැඟෙයි. ඊයේ (24) රාත්‍රී මොහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෛද්‍යවරයා යටතේ සැත්කම්වලට බඳුන් වූ කාන්තාවන් නැවත ගෙන්වා වඳභාවයට පත්කර ඇති ද යන්න පරීක්ෂා කිරීමට සූදානම් වන අතර එම රෝහලේ වෛද්‍ය පිරිසක් ද මොහුට එරෙහිව ප්‍රකාශ ලබා දීමට ඉදිරිපත් වී ඇතැයි වාර්තා වෙයි.

මාස තුනකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා ඇතුළු වූ කාන්තාවකගේ දරුවා වෙනත් අයකුට  විකිණීම පිළිබඳ විමර්ශනයක් දැනටමත් සිදුවෙයි. තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ යැයි සැකකරන මෙම වෛද්‍යවරයාගේ ගිණුම්වලට රුපියල් කෝටි ගණනින් මුදල් ලැබුණේ එම ත්‍රස්ත සංවිධානයේ කටයුතුවලට ද යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස