ඇමරිකානු සම්බාධක මැද හමුදාපති මහා පිංකමක! ආබාධිත රණවිරු පිරිසක් දඹදිව නොමිලේ දඹදිව යවයි!

February 20, 2020 at 5:49 pm | by emanisa.lk

දඹදිව වන්දනා සඳහා ආබාධිත රණවිරුවන් පිරිසකට ගුවන් ටිකට්පත් සහ මුදල් ආධාර පිරිනැමීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ඊයේ (19) දා පැවැත්විණ.

මේ යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ පාලනය වන සුවසහන මධ්‍යස්ථානයන්වන රණවිරු සෙවණ, අභිමංසල 1/2/3 සහ මිහිඳු සෙත් මැඳුරහි නේවාසික ප්‍රතිකාර ලබන නිලධාරීන් සහ සෙබළුන් 20 දෙනෙකු වෙත දඹදිව වන්දනා සඳහා ගුවන් ටිකට්පත් සහ මුදල් පිරිනැමීණි.

මෙම පිරිස අතරට රණක්ෂිතයට පත් නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසු නිලයින් දහතුන් දෙනෙකු එක්ව සිටි අතර ඔවුන් පෙබරවාරි 23 දින සිට මාර්තු 03 දක්වා දින දහයක දඹදිව සංචාරයක නිරත වනු ඇත.

සංචාරය තුළදී රණවිරු පිරිස බෞද්ධ සිද්ධස්ථාන රාශියක මෙන්ම ටජ්මහල් සහ නවදිල්ලි නගරයේද සංචාරයෙහි නිරත වනු ඇත.

පසුගිය පෙරවාරි 14 වන දිනට යෙදුණු ආදරවන්තයින්ගේ දිනය ද හමුදාපතිවරයා ගතකළේ ආබාධිත රණවිරුවන් සමගය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස