දෙමළ ජනතාව විසින් බලයට පත්කළ යහපාලන ආණ්ඩුව දෙමළ ජනතාව විනාශ කළා! – ආනන්දි සසිදරන්

August 21, 2019 at 2:12 pm | by emanisa.lk

දෙමළ ජනතාවගේ ඡන්දයෙන් බලයට පත්වු යහපාලන රජය දෙමළ ජනතාව විනාශ කිරීමට යොමුකළ බව උතුරු පළාත් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි සසිදරන් පවසයි.

යුධ අපරාධ චෝදනා එල්ලවි තිබෙන ශවේන්ද්‍ර සිල්වා වැනි පුද්ගලයෙකු යුධ හමුදාපති ලෙස පත් කිරීමට යහපාලන රජය එමකටයුතු කිරීම දෙමළ ජනතාවට සිදුකළ නිගාවක් බවත් එවැනි පුද්ගලයෙකු පත් කිරීමට විරුද්ධව දෙමළ ජනතාව රජය කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන බවත් ඇය සඳහන් කළාය.

දෙමළ ජනතාව දෙමළ ජනතාවගේ ගැටළු විසඳා ගැනීම වෙනුවෙන් යහපාලන රජය බිහි කළ නමුත් වර්තමානයේදී දෙමළ ජනතාව විනාශයට යොමු කිරීමට යහපාලන පාලකයින් කටයුතු කරමින් සිටින බවද සඳහන් කළාය.

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද හා හිටපු උතුරු නැගෙනහිර ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් දෙමළ ජනතාව විරුද්ධ කණ්ඩායම සමඟ එක්වීම කණගාටුදායක බව උතුරු පළාත් හිටපු කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ආනන්දි සෂිදරන් මහත්මිය පවසයි.

සෂිදරන් මහත්මිය පැවසුවේ දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනුවෙන් පෙනී නොසිටින ගොඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සහයෝගය ලබාදීමට ඩග්ලස් දේවානන්ද හා වර්ධරාජා පෙරුමාල් එක්වීම දෙමළ ජනතාවට සිදුකළ ද්‍රෝහිකමක් බවයි.

ආනන්දි සෂිදරන් මහත්මිය වවුනියාව හා කිලිනොච්චිය දිසාවන් භාරව කටයුතු කළ එල් ටි ටි සංවිධාන සන්නද්ධ නායකයෙකු වු එලීලන්ගේ බිරිඳය. තම ස්වාමියා අවසන් යුධ සමයේ අතුරුදහන්වු බවත් ඒ වෙනුවෙන් ආරක්ෂක අංශ වගකිව යුතු බවත් සඳහන් කරමින් සෂිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ආරක්ෂක අංශ වෙත චෝදනා එල්ල කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස