ශවේන්ද්‍ර යුද අපරාධකාරයෙක්! ඔහු හමුදාපති ධුරයෙන් ඉවත් කළ යුතුයි! – දෙමළ ජාතික සන්ධානය

August 23, 2019 at 1:41 pm | by emanisa.lk

යුද අපරාධ හා මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ජනාධිපතිවරයා කඩිනමින් ඔහුව එම ධූරයෙන් ඉවත් කළ යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

මහේෂ් සේනනායක මහතාගේ විශ්‍රාම යාමෙන් පසුව නව යුද හමුදාපතිවරයා වශයෙන් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීම පිළිබද අද(23) විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් සම්බන්ධන් මහතා මේ අදහස් පළකර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සම්බන්ධන් මහතා මෙසේද කීය.

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සිදුකළ බවට චෝදනා එල්ල වූවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරල ඔවුන් වරදකරුවන් ද නිවැරදිකරුවන් ද කියල සනාථ කරගත යුතුයි. එසේම වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් පැනවිය යුතුයි. එසේ සිදුකළ යුතුව තිබියදී යුද අපරාධ හා මානව හිමිකම් කඩකිරීම් සිදුකළ බවට චෝදනා එල්ල වු අයෙකුට යුද හමුදාවේ ඉහළම පදවිය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකියි.

එවන් චෝදනා එල්ල වන මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැනි කෙනෙකුට ලබාදීල තියෙන යුද හමුදාපතිධූරය අත්හිටුවා රජය ඔහුව ධූරයෙන් ඉවත් කරන්න ඕනෑ. අවසන් යුද්ධයේ දී 58 වන සේනාංකයට අණ දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා පත්කරනු ලැබිණි.

මොහුට එරෙහිව ජාත්‍යන්තර වශයෙනුත් බොහෝ චෝදනාවන් එල්ල වුණා. එසේ චෝදනා එල්ල වි තිබියදී මොහුව යුද හමුදාපතිධූරය සදහා පත් කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සංවිධාන සහ ඇමෙරිකාව ඇතුළු රටවල් ගණනාවක් විරෝධය හා අප්‍රසාධය පලකරනු ලැබුවා. මේ නිසා මුලින්ම මොහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි. ඉන් වරදකරුවකු වෙනවා නම් ඔහුට දඬුවම් කළ යුතුයි. නොවේ නම් යුද හමුදාපතිධූරය සඳහා පත්කළ හැකියැයි ද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස