ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා 12ක් සමග ජීනිවා සමුළුව අද!

February 25, 2019 at 11:35 am | by admin

ශ‍්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 59 කට යුද අපරාධ චෝදනා එල්ලවන 40 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව අද (25 දා) ආරම්භ වේ.

මෙහිදී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව වාර්තා දෙකක් ද රාජ්‍ය නොවන ක‍්‍රියාකාරීන් විසින් වාර්තා 10 ක් ද ඉදිරිපත් කෙරේ.

මෙවර බ්‍රිතාන්‍ය ප‍්‍රමුඛ රටවල් 05 ක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් ජීනීවා යෝජනාවක්ද සමුළුව වෙත යොමු කෙරෙනු ඇත. මෙවර සමුළුව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතළ ප‍්‍රශ්න රැසක් සාකචඡා කිරීමට නියමිතය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හමුදාවේ ඉහළ පුටුවක් ලබාදීමේ ප‍්‍රශ්නය ඇතුළු ශ‍්‍රී ලංකාව ඉටු නොකළ කරුණු රැසක් ගැනද අද අවධානය යොමුකෙරෙනු ඇත.

මේ අතර මානව හිමිකම් කොමිසාරිස් මිචලි බැචලට් ශ‍්‍රී ලංකාව ජිනීවා න්‍යාය පත‍්‍රයට ඇතුළත් වී ඇති බව ප‍්‍රකාශ කර තිබේ. මෙවර සමුළුවට කොටි ක‍්‍රියාකාරීන් 40 ක් දැනටමත් ජිනීවා වෙත පැමිණ ඇත.

මේ අතර නැඟෙනහිර හිටපු කොටි නායකයාගේ බිරිඳ වන හිටපු උතුරු පළාත් ඇමතිනි ආනන්දි ශෂිදරන්ට මෙවර සමුළුවට යාමට නොහැකි වී ඇතැයි ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස