සජිත් පිලේ මංගල ශවේන්ද්‍රට එරෙහිව ජාත්‍යන්තරය සහ TNA සමග සිට ගනී! විදේශ කටයුතු ඇමතිගේ නිවේදනයටත් එරෙහි වෙයි!

August 21, 2019 at 5:45 pm | by emanisa.lk

පසුගාමී ග්‍රාම්‍ය චින්තනය උත්කර්ෂයට නැගීම තුළින් පසුගිය සිව් වසරක් තුල අප අත් කරගත් ජයග්‍රහණ බොහෝමයක් රටට අහිමිවී යාමට ඉඩ තිබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අපගේ විදේශ ප්‍රතිපත්ති නැවතත් ස්වයං හුදකලා, ගැටුම්කාරි පසුගිය යුගයට නැවත තල්ලු කළ යුතු නැතයි ද ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි.

මංගල සමරවීර අමාත්‍යවරයා එබව සඳහන් කර ඇත්තේ, ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් මතුවන ජාත්‍යන්තර විරෝධයට විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රතිචාර දැක්වීමෙනේ අනතුරුවය.

විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ රටේ හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීන්දුවක් බවත් එම අභ්‍යන්තර පරිපාලන තීන්දුවට බලපෑම් කිරීමට උත්සාහ කිරීම පිළිගත නොහැකි බවත්ය.

කෙසේ වුවද ඇමති මංගල සමරවීර සහාය ලබා දෙන සජිත් ප්‍රේමදාස පාර්ශවයේ ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් ද හමුදාපතිවරයා පත්කිරීම පිළිබඳ සිය සතුට පළකර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස