කොටින්ගේ බොරු මානව හිමිකම් චෝදනා ඵලදරයි! හමුදාපති ශවේන්ද්‍රට ඇමරිකාවට පැමිණීම තහනම්!

February 14, 2020 at 11:32 pm | by emanisa.lk

යුධ හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙි.

වත්මන් යුධ හමුදාපතිවරයාට එරෙහිව එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා හේතුවෙන් මෙම තහනම පනවා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

7031 (ඇ) වගන්තිය මගින් විදේශ නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝණය කිරීමකට හෝ සැලකිය යුතු දූෂණයකට සම්බන්ධ බවට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාට විශ්වාසදායක තොරතුරු තිබේ නම් එම පුද්ගලයින් සහ ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු ලෙස නම් කිරීමට බලය පවරා ඇත.

ඒ අනුව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට ඇමෙරිකාවට ඇතුල්වීම තහනම් කරමින් රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝගය පනවා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස