ලංකාව කලකට පසු තමන් ස්වධීන රටක් බව ලොවට කියාපායි! හමුදාපතිගේ ගමන් තහනම ගැන අහන්න ඇමරිකා තාතාපති කැඳවයි!

February 16, 2020 at 3:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ඇලයිනා බී ටෙප්ලිට්ස් අද (16) මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය වෙත කැඳවීමට තීරණය කර ඇත.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අමෙරිකා එක්සත් ජනපදය විසින් සංචාරක තහනමක් පැනවීම පිළිබඳව කරුණූ විමසීම සඳහා එම කැඳවීම සිදුකරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායක තොරතුරු මත යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පවුලේ සාමාජිකයන්ට අමෙරිකාවේ සංචාරය තහනම් කරන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා නිවේදනය කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ අමෙරිකාවේ අදාළ තීරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි විරෝධය පළ කරන බවයි.

ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකාව විසින් එම තීරණය ගෙන ඇති බවත් තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර අදාළ තීරණය සමාලෝචනය කරන ලෙසත් විදේශ සබඳතා අමාත්‍යාංශය අමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස