යුද හමුදාපතිගේ ඇමරිකානු තහනම පිටුපස චන්ද්‍රිකා, මංගල සහ නිමල්කා!

February 19, 2020 at 9:05 pm | by emanisa.lk

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කිරීම සඳහා මූලික තොරතුරු ලබාදී ඇත්තේ පැවති යහපාලන රජය විසින් බව පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියෝ සඳහන් කරති.

හිටපු විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, නිමල්කා ප්‍රනාන්දු සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙසේ තොරතුරු ලබා දී ඇතැයිද උන්වහන්සේ අනාවරණය කළහ.

ඔවුන් විසින් පසුගිය වසර පහ පුරාවට ලබාදුන් තොරතුරු ඇමරිකාව විසින් විශ්වාසනීය තොරතුරු ලෙස සඳහන් කරන බවද එහිමියන් කියා සිටියහ.

අද හමුදාපතිවරයාට එල්ල වූ මේ චෝදනාව හෙට දවසේ ආරක්ෂක ලේකම්වරයාට අනිද්දා වනවිට ජනාධිපතිවරයාට පවා එල්ල විය හැකි ද හිමියෝ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස