හමුදාපතිට වීසා දෙනතුරු දේශප්‍රේමීන් ඇමරිකාවෙන් වීසා ඉල්ලන්න එපා! මම ඉල්ලන්නෙත් නෑ! – මරික්කාර්

February 18, 2020 at 7:57 am | by emanisa.lk

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු වීසා ලබා දෙනතුරු ශ්‍රී ලාංකිකයන් කිසිවකු හෝ ඇමරිකාවෙන් වීසා ඉල්ලන්න එපා යැයි තමන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

‘අපේ හමුදාපතිතුමාට එරෙහිව ඇමරිකාව වීසා තහනමක් පනවලා. අපි මීට විරුද්ධයි. ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක්. ඒ නිසා මේ අත පෙවීම්වලට අපි විරුද්ධයි. මේක ශවේන්ද්‍ර සිල්වාට දාපු තහනමක් නොවෙයි. මේක ශ්‍රී ලංකාවේ හමුදාපතිට දාපු තහනමක්. ඒ නිසා අපි ඇමරිකානු රජයට අපේ බලවත් විරෝධය පළ කරනවා.

දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලනවා ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු වීසා ලබා දෙන තුරු ඇමරිකාවෙන් වීසා ඉල්ලන්න එපා කියලා. ශවේන්ද්‍ර සිල්වා මහතාට වීසා ලබා දෙන තාක් මම ඇමරිකාවෙන් වීසා ඉල්ලූම් කරන්නේ නෑ. පොහොට්ටුවේ ඉන්නවානේ දේශප්‍රේමියෝ. ඒ අය කී දෙනෙක් මෙහෙම කියයිද කියලා බලමු.’

විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (17) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස