වුහාන් මළපුඩුවෙන් ගලවා ගත් කිසිවෙකුට කොරෝනා නෑ! දියතලාව කඳවුරෙන් සියල්ලෝ නික්මෙති!

February 14, 2020 at 2:34 pm | by emanisa.lk

දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද (14) උදෑසන කඳවුරෙන් කොළඹ යුද හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චමින්ද වික්‍රමසිංහ පවසයි.

චීනයේ වුහාන් සිට පසුගිය 01 දින දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන  ආ තරුණියන් 18 දෙනෙකු හා තරුණයන් 15 දෙනෙකු එම පිරිස අතර සිටිති.

ඔවුන් ගොඩනැගිලි 3ක වෙන් වෙන් වූ කාමර තුළ රඳවා දින 14ක් තිස්සේ වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළේය.

ඔවුන්ට ඇඳුම් පැළඳුම්, ආහාර ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබා දී අන්තර්ජාල පහසුකම් ඔස්සේ දෙමාපියන්ට හා ඥාතීන්ට කතාබහ කිරීමට අවස්ථාව ලබාදී තිබිණි.

එම සිසු සිසුවියන් කිසිවකු කොරෝනා වෛරස් ආසාදනයට  ගොදුරු වී නැති බව වෛද්‍යවරු සඳහන් කළහ.

දියතලාව යුධ හමුදා කදවුරේ සිට යුධ හමුදා මුලස්ථානයට රැගෙන ගිය සිසු සිසුවියන් යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මුණ ගැසීමෙන් පසු තම තමාගේ නිවෙස්වලට යාමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස