හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.කේ. මහානාම සහ එවක රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක රු. කෝටි 2ක අල්ලස් නඩුවෙන් වැරදිකරුවන් වී තිබේ.
බරපතළ වංචා දූෂණ නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා ස්ථාපිත කළ විශේෂ අධිකරණයේ මෙම නඩුව විභාග කළේය.
ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීම පිළිබඳව චෝදනා මොවුන්ට එල්ල විය.
මෙරට ආයෝජනයක් සිදු කිරීම සඳහා පැමිණි ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් අදාල ආයෝජනය සඳහා පහසුකම් සැලසීමට මහානාම සහ දිසානායක යන දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති අතර ඉන් කොටසක් ලෙස රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගනිමින් සිටියදී කොළඹ හෝටලයකදී අත්අඩංගුවට පත්විය.
Copyright © 2026 emanisa.lk