නාගා පල්ලේවත්ත වෙනුවට දිල්රුක්ෂි ඩයස් ජනාධිපති සටනට! NGO ආශීර්වාදයත් ලැබෙයි!

August 22, 2019 at 8:29 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ පසුගිය 19 වෙනිදා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනිය දිල්රුක්ෂි ඩයස් සිවිල් සංවිධාන නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව වැඩි දුරටත් වාර්තා වෙයි.

ඈ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවර පක්ෂයකින් දැයි මෙතෙක් හෙළි වී නොමැති අතර මෙයට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ රොහාන් පල්ලවෙත්ත, නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මේ සඳහා එකතු වන බවට ද අදහස් පළ වෙයි.

දිල්රුක්ෂි ඩයස් අගමැති රනිල් වික්‍රමසිංහගේ පවුලේ සමීප මිතුරියක වන අතර ජ්‍යෙෂ්ඨ විනිසුරුවරු නොතකා අභියාචනාධිකරණයේ සභාපති ධුරයට ඈ පත් කිරීමට මේ වසර මුල දී අගමැතිවරයා දැඩි උත්සාහයක් දැරුවේ ජනාධිපතිවරයා යෝජනා කළ නම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස