මුස්ලිම් ව්‍යාපාරිකයන් පොලිස් නිලධාරීන්ට මිලට ගනී! එම නිලධාරීන් නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැටුම්වලට හේතුවයි!

May 18, 2019 at 11:20 am | by admin

පසුගියදා රටේ යම් යම් තැන්වල ඇවිළ ගිය ගැටුම්වලට මූලික හේතුව ඒ ප්‍රදේශවල පොලිස් නිලධාරීන් නිසි ලෙස රාජකාරී ඉටු නොකිරීම බව වාර්තා වෙයි. මෙයට මූලික හේතුව ඇතැම් උසස් පොලිස් නිලධාරීන් මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් ආර්ථික වශයෙන් නඩත්තු කිරීමය. මේ තත්ත්වය නිසා බොහෝ පොලිස් ප්‍රධානීන් නිසි අපක්ෂපාතී ලෙස රාජකාරී ඉටු නොකරන අතර සිංහල ජනතාව අතර සමස්ත පොලිසිය පිළිබඳ සැකයක් මතුව තිබේ.

වයඹ පළාතේ ඇතැම් පොලිස් නිලධාරීන්ට මෝටර් රථ මිල දී ගෙන දී ඇත්තේ පස් වැලි ජාවාරම්කරුවන් වන අතර ඇතැම් මෝටර් රථවල මාසික ලීසිං වාරික මුස්ලිම් ව්‍යාපාරිකයන් විසින් ගෙවන බව වාර්තා වී ඇත. ඔවුන්ගේ නිවසට අවශ්‍ය මස් මාළු පමණක් නොව ඉදිකිරීම් කටයුතුවලට උවමනා වැලි ඇතුළු ගොඩනැඟිලි ද්‍රව්‍යයද මුස්ලිම් ව්‍යාපාරිකයන් අල්ලස් ලෙස ලබා දෙමින් නීතිය තමන් අතට ගෙන තිබේ.

රට පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලට පෙර එම තොරතුරු අදාළ මුස්ලිම් ව්‍යාපාරිකයන් අතට පත් කිරීමට මෙම පොලිස් නිලධාරීන් කටයුතු කරන බව වාර්තා වෙයි. එපමණක් නොව පොලිස් මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වල උත්සව සඳහා පොලිස් ආරක්ෂාව ලබා දීමට පවා මෙම නිලධාරීන් කටයුතු කරන බව වාර්තා වෙයි.

එසේම මෙම මෙහෙයුම් සඳහා සහභාගී වන පොලිස් නිලධාරීන් මුස්ලිම් ව්‍යාපාරික නිවෙස්වලින් ආහාර ලබා ගන්නා බව ද ඇතැම් සැකකටයුතු ස්ථාන පිළිබඳ තොරතුරු ලබා දුන්නද ඒවා ගැන පරීක්ෂණ සිදු නොකරන බව ද වාර්තා වෙයි. මෙහි භයානකම දෙය වන්නේ අදාළ පැමිණිලි පිළිබඳ තොරතුරු පමණක් නොව ඒ පිළිබඳ පොලිසියට තොරතුරු ලබා දුන් පාර්ශව ද මෙම ද්‍රෝහි නිලධාරීන් විසින් අදාළ සැකකටයුතු පාර්ශව වෙත හෙළි කිරීමය.

පසුගියදා මිලි ලීටර් 9 වර්ගයේ උණ්ඩ 700ක් සොයා ගත් මාතලේ ගොඩනැඟිලි උපකරණ අලෙවි සැල පිළිබඳ මෙයට පෙර අවස්ථා ගණනක දී පොලිසිය දැනුම්වත් කළ ද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි. බහුතර සිංහල බෞද්ධයන් ජීවත් වන ප්‍රදේශවල සේවයට පත් කර ඇති ඇතැම් ඉහළ පොලිස් නිලධාරීන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම ද මෙම ගැටුම් ඇති වීමට තවත් හේතුවකි.

ඇතැම් ප්‍රදේශවල ප්‍රදේශවාසී මුස්ලිම් ජනතාවගේ පවා විරෝධය මැද අන්තවාදී මුසලිම් දේවස්ථාන තැනුවේ පොලිස් ආරක්ෂාව මැද බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *