මාස 08ට පොලිසියට එරෙහිව පැමිණිලි 1044ක්! උදාසින බවට පැමිණිලි 424ක්! අයුතු බලය පාවිච්චි කළ බවට පැමිණිලි 304ක්!

September 29, 2019 at 2:11 pm | by emanisa.lk

පොලිසියට එරෙහිව මාස 8ක් එනම් දින 240ක පමණ කාලයක් ඇතුළත පැමිණිලි 1044ක් ලැබී ඇති බව පොලිස් කොමිසම පවසයි.
මේ අනුව පොලිසියට එරෙහිව දිනකට පැමිණිලි 04නකට වඩා ලැබී ඇත.

පොලිසියේ අක්‍රියභාවය පිළිබඳ පැමිණිලි 424ක් ද බලය අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ පැමිණිලි 304ක් ද පක්ෂග්‍රාහීව කටයුතු කිරීම පිළිබඳ පැමිණිලි 141ක් ද නිවැරැද්දේ අත්අඩංගුවට ගැනීම් සහ සිරභාරයේ තබා ගැනීම පිළිබඳ පැමිණිලි 38ක් ද මත්ද්‍රව්‍ය පිළිබඳ පැමිණිලි 24ක් ද නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීම පිළිබඳ පැමිණිලි 19ක් ද පහර දීම් පිළිබඳ පැමිණිලි 17ක් ද අල්ලස් ගැනීම් පිළිබඳ පැමිණිලි 12ක් ද අත්අඩංගුවේ මියයාම පිළිබඳ පැමිණිලි 03ක් සහ වෙනත් පැමිණිලි 62ක් මේ අතර වන බව සඳහන්ය.

මෙම පැමිණිලිවලින් 555ක් පිළිබඳ විමර්ශන දැනටමත් අවසන් කර ඇති අතර පැමිණිලි 298ක් පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක වන බව ද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව