දිල්රුක්ෂිගේ පාපෝච්චාරණයෙන් ගෝඨාට නඩු වැටෙන හැටි රටටම පැහැදිලි වුණා! – මහින්ද

September 22, 2019 at 8:39 am | by emanisa.lk

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් කරුමක්කාර දේශපාලන බලපෑම් මත දේශපාලන විරුද්ධවාදීන්ට නඩු පැවරූ බවට කියවෙන දුරකථන සංවාදය හරහා ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගනිමින් ආණ්ඩුව ගෙන ගිය දේශපාලන නඩු පැවරීමේ වැඩපිළිවෙළ අනාවරණය වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

දිල්රුක්ෂි ඩයස්ගේ හඬ පටය මඟින් පැහැදිලිවම ඈ විසින් බොරු නඩු පැවරූ බවත් නීතිය හදන්නත් පුළුවන් කඩන්නත් පුළුවන් යන ප්‍රකාශ තුළින් ගෝඨාභය ඉලක්ක කරගෙන ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල පැහැදිලි වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ආණ්ඩුව විසින් තව තවත් නඩු පැවරීම් සිදු කරනු ඇති බවත් පොලීසිය හා සීඅයිඩීය ද ආණ්ඩුව විසින් පවසන දේ සිදු කරන බවත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

නමුත් ජනතාව පැහැදිලි තීන්දුවක් ජනාධිපතිවරණයේ දී ලබා දෙනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඉදිරි සාකච්ඡා ද පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බවත් ඉතිරි කොටස ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස