මහ පෙරළියක සලකුණු! ජනපති මෛත්‍රී යෝෂිත නැවත සේවයේ පිහිටුවයි!

September 25, 2019 at 9:14 am | by emanisa.lk

2016 පෙබරවාරි 28 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස සේවයේ පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.

නාවික හමුදාපතිවරයා මේ පිළිබඳ නිවේදනයක් ද නිකුත් කර ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

යෝෂිත රාජපක්ෂ කැඩෙට් නිලධාරියකු ලෙස නාවික හමුදාවට එක් වූයේ 2006 වසරේය. ඒ තරුණයන් රටේ ආරක්ෂක හමුදා වෙත බැඳීම අඩු වී පැවති පසුබිමක එම තත්ත්වය වෙනස් කර තරුණයන් හමුදාව වෙත ආකර්ශනය කර ගැනීමටය.

අනතුරුව මහින්ද රාජපක්ෂ 2015 පරාජයට පත්වූ අවස්ථාවේ දේශපාලන පලිගැනීම්වලට ලක්වීමේ අවධානම නිසා ඔහු නාවික හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

2016 ජනවාරි 30 වෙනිදා මූල්‍ය වංචා චෝදනා පිට ඔහු අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ අතර එකල අල්ලස් කොමිසමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස