ඡන්දෙට ඉල්ලා අස්වූ වෛද්‍ය ෂාෆි රටේ නීතිය බල්ලාට දමා නැවත සේවයේ පිහිටුවලා! ඇමති රිෂාඩ්ගේ තවත් අපරාධයක් ගැන අල්ලස් කොමිසමට පැමිණිලි!

May 27, 2019 at 5:04 pm | by admin

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා මහා මැතිවරණය සඳහා රැකියාවෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඔහුට නැවත එම රැකියාව ලැබීම නීති විරෝධි ක්‍රියාවක් මාර්ගයෙන් සිදුවී ඇති දෙයක් වන බැවින් ඊට එරෙහිව අද (27) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව වයඹ පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ මහතා පැවැසීය.

තමන්ද රාජ්‍ය සේවයෙන් ඉවත්වී මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත්වීමෙන් අනතුරුව නැවත රාජ්‍ය සේවයට ඇතුළත් වීමට ඉල්ලීම් කළද තමන්ට නැවත රාජ්‍ය සේවයට ඇතුළත් වීමට අවස්ථාවක් නොලැබුණු බව ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වුවද 2015 මහා මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා සිය රැකියාවෙන් ඉවත් වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ඔහු සේවය කළ රෝහලේම නැවත රැකියාවේ පිහිටුවීමට ඇමති රිෂාඩ් බදියුදීන් සිය දේශපාලන බල පුළුවන්කාරකම් යොදා ගෙන කටයුතු කර තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව ස්ථාපිත කිරීම හේතුවෙන් එම කොමිසමට හැර කැබිනට් මණ්ඩලයට මෙවැනි පත් කිරීම් සිදුකිරීමට බලයක් නොමැති බවද ඒ මහතා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස