රාජපක්ෂලා පුම්බන නාළිකා දෙකට නියත වශයෙන්ම හොඳ පාඩමක් උගන්වන බවට ඇමති රවුෆ් හකීම් තර්ජනය කරයි.
“රාජපක්ෂලා පුම්බන වැඩේ විතරක් කරන පුද්ගලික නාළිකාවල ලාංඡන මම මෙතන දකින්නේ නෑ. නමුත් මේක නොකියම බෑ.
අපි නියත වශයෙන්ම රාජපක්ෂ කඳවුරට කඩේ යන ඒ නාළිකා දෙකටම හොඳම පාඩමක් උගන්වන එක නියතයි නියතයි.
ඒ නාළිකාවලට මම අද අනතුරු අඟවනවා.” යැයි ඇමතිවරයා අවධාරණය කළේය.