සුළු ජාතිය 90%ක් සජිත්ට ඡන්දය දෙන කොට කාටවත් අපේ ජයග්‍රහණය වළක්වන්න බෑ! – රිෂාඩ් බදියුදීන්

November 2, 2019 at 8:17 am | by emanisa.lk

මුස්ලිම් නායකයන් අන්තවාදී බවට සිංහල ප්‍රදේශවල අසත්‍ය ප්‍රචාරයක් ගෙන යන බව ඇමති රිෂාඩ් බදියුදීන් පවසයි.

ඔහු මේ බව පැවසූයේ වව්නියාවේ දී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය  කරවීමේ ජන රැලියට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“මෙම මැතිවරණය උතුරු නැගෙනහිර ජීවත්වන ද්‍රවිඩ, ඉස්ලාම් ජනතාව ඉතාමත්ම හොඳින් සිතා බැලියයුතු මැතිවරණයක්. ඉස්ලාම් නායකයන් පිළිබඳව සිංහල ප්‍රදේශවලට ගොස් බොරු ප්‍රචාර ගෙන යනවා. අහිංසක සිංහල සමාජය අතරේ ජාති බේදයක් ඇති කර රටේ ආරවුල් ඇති කිරීමට උත්සාහ ගන්නවා. මෙම අවස්ථාවේදී ද්‍රවිඩ භාෂාව කථාකරන ජනතාව මෙම මැතිවරණයේදී ඉතා සුපරක්‍ෂාකාරීව ප්‍රවේසමෙන් කටයුතු කිරීම අවශ්‍යයි.

සුලු ජාතීන්ගේ ඡන්ද 90%ක් සජිත් ප්‍රේමදාසට ලබා දෙන විට අපේ ජයග්‍රහණය කිසිවෙකුට වැලැක්විය නොහැකියි. එම නිසා මෙම මැතිවරණයේදී අපි වෙනත් මැතිවරණ වාගේ බෙදිලා ඡන්දය ප්‍රකාශය කිරිමට බැහැ. අද මුස්ලිම් ජනතාවගේ ඡන්දය ලබා ගිනිමින් සජිත් ප්‍රේමදාස මහතා පරාජය කිරීමට ඡන්ද වර්ජනයක් කරන බව කුමන්ත්‍රණකාරී කණ්ඩායමක් කියනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේ අපි විකල්ප කණ්ඩායමකට ඡන්දය දියයුතු බව ප්‍රකාශ කරමින් සිටිනවා. තවත් කණ්ඩායමක් මෙම මැතිවරණයේදී සුළු ජාතීන්ට ඡන්දය දියයුතු බව කියා සිටිනවා. කොටස් කිහිපයකට බෙදී අපගේ ඡන්දය සජිත් ප්‍රේමදාස මහතාට හැර වෙනත් කෙනෙකුට ලබා දෙන්නේ නම් අනාගතයේදී රට භාර ගැනීමට සිටින පරම්පරාව විනාශයට පත් වීම කිසිවෙකුට වලක්වන්න බැරි බව අපි දැනගත යුතුයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස