සජිත් ජනපති වී මිලේනියම් ගිවිසුමින් රට දෙකඩ කරන්න සූදානම්! රණවිරුවන් පාවා දුන් ජිනීවා යෝජනා පිළිගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්ම රටට කියයි….

November 1, 2019 at 5:30 pm | by emanisa.lk

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම පිළිගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් පවසයි.

සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිරිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ ආර්ථික කොරිඩෝවක් යන්න ඇති බවත් එය තනිකරම ඇමෙරිකානු මිලේනියම් ගිවිසුමේ එකඟතාව බවත් ඔහු අවධාරණය කරයි.

එසේම එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජිනීවා යෝජනා පිළිගන්නා බවද සඳහන් වී ඇතැයිද පැවසූ මුසම්මිල් ජිනීවා යෝජනාවලිය යනු රණවිරුවන් යුද අධිකරණය වෙත ගෙනයාම ඇතුළු කලක් තිස්සේ මෙරට දේශප්‍රේමී විරුද්ධ වූ යෝජනාවලිය බවද පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනරැලියක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස