රට අපකීිර්තියට පත්ක කරමින් බොරු සාක්ෂි දී ලොවම රැවටූ ගානියා ශ්‍රියාලතා අත්අඩංගුවට!

December 16, 2019 at 5:45 pm | by emanisa.lk

පැහැරගැනීමට ලක් වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ශ්‍රියාලතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඒ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ගයකදී භාවිත කිරීමේ අරමුණින් සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මතය.

තමන්ව පැහැරගත් බවට චෝදනා කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ දින කිහිපයකදීම දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය.

ඒ අතර ඇයගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාගැනීම සඳහා මානසික වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කරන ලෙසටද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 12 වැනිදා නියෝග කළේය.

ඒ අනුව මානසික සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සඳහා සහභාගි වීමට ඇය අද (16) උදෑසන ස්විස් තානාපති කාර්යාලයට අයත් රථයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඈ රැගෙන යනු ලැබුවේ අංගොඩ පිහිටි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙතය.

පරීක්ෂණ කටයුතු සඳහා පැය 03කට වැඩි කාලයක් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රැඳී සිටි අදාළ කාන්තාව යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගියේය. අනතුරුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැති කාන්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටියදීම අත්අඩංගුවට පත්විය.

ඈ අද (16) පස්වරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස